කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රශංසා කර තිබේ.
‘ඩේලි මිරර්’ පුවත්පතට අනුව එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉන්දියානු සමාගමක මැදිහත්වීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතයට අත්‍යවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාවේ වරාය පහසුකම් හෝ ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රතිලාභියා ඉන්දියාව බැවින් මෙම පියවර වඩාත් සුදුසු බව ඇය පවසා ඇත.
සංවර්ධන ක්‍රියාවලියට පෞද්ගලික අංශයේ මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ටෙප්ලිට්ස් තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවට සිය ආර්ථික සැකැස්ම තුළ හොඳම දේ සොයා යාමේ හැකියාව ඇති බවයි.
ඇය මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැත්වූ අන්තර්ජාල සාකච්ඡාවකදීය.
Had a great #virtual conversation with 11 #SriLankan #journalists today. We discussed the strong partnership between our two nations, the new U.S. administration, and our continued commitment to an inclusive, prosperous, and sovereign #SriLanka. pic.twitter.com/81GGSuDHMd
— Ambassador Teplitz (@USAmbSLM) January 26, 2021