ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර තනතුර සඳහා ජෙරොම් ජයරත්න මහතා සුදුසු පුද්ගලයෙකු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ ජෙරොම් ජයරත්න මහතා රාජපක්ෂ පවුලට සම්බන්ධ වීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙන පසුබිමකයි. ජෙරොම් ජයරත්න මහතා ආචාර්ය රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ පියායි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.
ක්‍රිකට් ක්‍රීඩකයින් අපහසුතාවයට ලක් නොකොට ඔවුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ජෙරොම් ජයරත්නට ඇති බවයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.
මිට පෙර අවස්ථා රැසකදී ද ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කර තිබෙනවා.