තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන 4 දෙනා අධිකරණයට යොමුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුන් මෙම ඇප අයදුම්පත්‍රය ඉදිරිපත් කර තිබුණා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් එම අයදුම්පත් හතර අද නිෂ්ප්‍රභ කළ බවයි.
ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොවුන් සිව්දෙනා ඇප මත මුදා හැරුණේ පසුගිය 15 වනදායි.