Home Hit කොළඹ නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට

කොළඹ නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට

2057
0

ඉන්දු-ලංකා සමුද්‍රීය වෙළඳාම ඉහළ නැංවීම සඳහා නැගෙනහිර පර්‍යන්තය යොදා ගැනීම

2020 ජනවාරි 6 වන දින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ සංචාරයෙන් පසුව, රාජපක්ෂ නායකත්වයෙන් යුත් රජය විසින් හුදෙක් ආයෝජනයක් ලෙස නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඉන්දියාවේ අදානි සමූහයට ප්‍රදානය කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකාවේ ජාතික වත්කම් විදේශිකයන්ට ප්‍රදානය නොකළ යුතුය යන මතයේ සිටි විද්වතුන් සහ කොළඹ වරාය සංගම් 23 ක් විසින් කරන ලද විරෝධතා හා බොහෝ වාද විවාද වලින් පසුවද, නවතා ඇති ECT පර්යන්ත පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ වරාය හා සැපයුම් සමාගමකට ප්‍රදානය කරන තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංදේශය 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර අත්සන් කරන ලදී. කෙසේ වෙතත්, 2019 නොවැම්බරයේ දී නව රාජපක්ෂ රජය බලයට පත් වීමෙන් අනතුරුව, විදේශ රටවලට ප්‍රදානය කළ යුතුව තිබුණූ සියලු ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම සිදු විය.

ඉන්දියාවේ අවශ්‍යතා සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිවරයා සහ මෙරට අතර සාකච්ඡා පැවැත්වුණු අතර, අදානි සමූහයට මෙය ලබාදීම මගින් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසි සැලසෙන බව ප්‍රකාශ විය.

මෙම මෙගා ගනුදෙනුව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් වන අතර, ඉන්දීය අදානි සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස මෙරට හෝටල් කළමනාකරණය කරන සහ පුද්ගලික වරාය පර්යන්තයක් වන ‘සවුත් ඒෂියා ගේට්වේ’ පර්යන්තය තුළ ආයෝජනය කර ඇති මෙන්ම කොටස් වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී බවට අදානි සමාගම විසින් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව චීන ණය උපයෝගී කරගනිමින් සංවර්ධන කටයුතු වල යෙදී සිටිම, ශ්‍රී ලංකාව සමඟ සාම්ප්‍රදායිකව අන්‍යෝන්‍ය ද්විපාර්ශ්වික සබඳතා පවත්වමීන් සිටි බොහෝ රටවල් අතර ආතතියක් ඇති කර තිබේ.

අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව අදානි සමාගමට 49% ක කොටස් ප්‍රදානය කළේ ඔවුන්ට එසේ කිරීමට විවිධ හේතු ඇති බව පවසමින් ය.

වරාය හා නාවික අමාත්‍ය රොහිත අබේගුණවර්ධන විසින්පි මේ පිළිබඳව ළිබඳ කැබිනට් සංදේශය අත්සන් කරන ලදි.

(ආර් ආර් එම් ලිලානි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here