ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි
මෙම තරගයේදීත් දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ඇති.
දෙරට අතර පළමු තරගයෙන් ජයගත් සංචාරක එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසු වෙනවා.
ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයෙන් මුදා හැරීම හමුවේ අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.