කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට පැවරීමට එරෙහි උද්ඝෝෂණයක් වරාය පිවිසුම ඉදිරිපිට මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වරාය ඒකාබද්ධ කමිටුව විසිනුයි එය මෙහෙයවනු ලබනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව සකස් කළ විශේෂ වාර්තාවද අද රජය වෙත භාරදෙන බවද කමිටුවේ සම කැඳවුම්කරු ප්රසන්න කලුතරගේ මහතා සඳහන් කලා.