ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25 න්ම ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් වාර්තාවී ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ කොවිඩ් ආසාදිතයන් 887 න් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 337ක්.
ගම්පහ 136ක්, කලුතර 71ක්, මාතලේ 51ක්, මහනුවර 49ක්, ගාල්ලේ 47ක්, කුරුණෑගල 33ක්, අම්පාරේ 29ක් සහ රත්නපුර 25ක් ලෙස ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබුණා.
පොළොන්නරුවේ 21ක්, මාතර 19ක්, මඩකලපුවේ 11ක්, අනුරාධපුර 07ක්, කිළිනොච්චි 06ක්, ත්‍රිකුණාමලයේ 06ක් ද ඊයේ ආසාදි තයන් අතර වනවා.
කෑගල්ලේ 04ක්, වව්නියාවේ 04ක් මෙන්ම යාපනය, මුලතිවු, පුත්තලම හා මොණරාගල දිස්ත්‍රික්වල 03 දෙනා බැගින්ද බදුල්ලේ දෙදෙනෙකුද, නුවරඑළිය, හම්බන්තොට, මන්නාරම දිස්ත්‍රික්වල එක් ආසාධිතයා බැගින්ද ඊයේ සටහන් වී තිබෙනවා.
විදේශයන්ගෙන් පැමිණි 14 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත්.
මේ අතර ඊයේ දිනයේ කොවිඩ් අසාදිත මරණ දෙකක් වාර්තා වී තිබුන අතර ඒ සමඟ මෙරට කොරෝනා හේතුවෙන් මියගිය මුළු ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
