මෙරට නීති පද්ධතියේ කඩිනමින් වෙනස් විය යුතු ක්ෂේත්‍ර 100ක් පමණ හඳුනාගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.
ඉන් ක්ෂේත්‍ර 37ක් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර සෙසු ක්ෂේත්රවල සිදුවිය යුතු වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා කමිටු පත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මේ බව කියා සිටියේ වෙනස් කෙරෙන අණ පනත් සම්බන්ධයෙන් කළ විමසීමකදී බව හිරු නිව්ස් වර්තා කරනවා
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ අමාත්‍යවරයා විසින් සංදේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.
ඒ, ආගමික හා විගාමික පනත, බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට අදාළ දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය, සේවකයන්ගේ අවම වේතන පනත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති යන පනත් සඳහා සංශෝධන එක් කිරීම සඳහායි.
එමෙන්ම, සිවිල් නඩු විධි විධාන සංග්‍රහය සඳහා සංශෝධන එක් කිරීමටත්, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළව නීතියේ පවතින පරස්පරතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.