කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ මේ දක්වා වාර්තාවූ ඉහළම අගය අද සටහන් වුණා.
දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක දැක්වුණේ ඒකක 8463.43 ක් ලෙසයි.
එය පෙර දිනයට සාපේක්ෂව 332.18 ක ඉහළ යෑමක්. ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 8131.25 ක් ලෙසයි.