Home Hit කොරෝනා එන්නත ඇතුළු එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

කොරෝනා එන්නත ඇතුළු එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

284
0

ඉන්දියාවේ කොරෝනා එන්නත ඇතුළු එන්නත් නිපදවන ආයතනයක ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එම ආයතනයේ පූනේ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක මෙලෙස ගින්න හටගෙන ඇති ඇති බවයි වාර්තා වන්නේ.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන මෙම ආයතනය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා විසින් සංවර්ධනය කරන ලද කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන බව සඳහන්.

ගින්න මැඩ පැවැත්වීමට පැය 3ක කාලයක් ගත වී ඇති අතර ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here