Home Cricket එංගලන්තයට එරෙහිව මැතිව්ස්ගෙන් ශතකයක්

එංගලන්තයට එරෙහිව මැතිව්ස්ගෙන් ශතකයක්

203
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

මැතිව්ස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව රැස්කරගත් තෙවන ශතකය මෙයයි.

ඔහු මේවන විට ලකුණු 101ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

මෙම තරගයේ කාසියේ වාසි දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 4 ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 214ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here