Home Hit ඇමති මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි

ඇමති මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි

177
0

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරී 3 වනදා දක්වා කල්දමා තිඛෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අසනීප තත්වයෙන් පසුවීම හමුවේ මෙම නඩු විභාගය කල්දමා ඇති බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධීපරිහරණය කිරීම ඇතුලු අධි චෝදනා යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here