Home Hit ‘මේ කුණු කතා විශ්වාස කිරීම ගැන ලැජ්ජයි’ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන...

‘මේ කුණු කතා විශ්වාස කිරීම ගැන ලැජ්ජයි’ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු

341
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පසුගියදා පළකර තිබු පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් අද කරුණු හෙළිකර සිටියා.

පුද්ගලික රූපවාහිනී ආයතනයක උදෑසන වැඩසටහන සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙම චෝදනාව සමබන්ධයෙන් ආදාළ ක්‍රීඩකයාගෙන් සහ වෛද්‍යවරියගෙන් කරුණු විමසු බවත් එහිදී ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළ බවයි.

එය කිසිදු සත්‍යතාවයක් නොමැති පුවතක් බවත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය ලෙස අවශ්‍ය නම් විධිමත් පරීක්ෂණයක් කොට එහි සත්‍ය අසත්‍යභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විස්තර ලබාගත හැකි බවද කියා සිටියා.

එමෙන්ම ‘The Morning‘ පුවත්පතේ පළවූ වාර්තාව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර් ඉතා දැඩිව විවේචනය කරමින් එය දැඩි ලෙස හෙළා දැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here