Home Hit මීගමුවේ සිවුදරු පවුලක් පාරට ඇද දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය

මීගමුවේ සිවුදරු පවුලක් පාරට ඇද දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය

318
0

මීගමුව දූව ප්‍රදේශයේ දරුවන් සිව් දෙනෙකු සිටින නිවසක් කඩා දැමීමට සිදු කෙරෙන උත්සහයකට ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීමත් සමඟ උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබෙනවා.

මීට පෙර යම් ව්‍යාපෘතියක් හේතුවෙන් නිවස අහිමි වීම හේතුවෙන් මෙම ස්ථානයේ කුඩා පැල්පතක් ගොඩනගා ගෙන ඇති පවුල එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා යම් පිරිසක් විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. එම ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් රාශියක් තිබියදී මෙම පවුල ඉවත් කිරීමට දරන වෑයමට එරෙහිව ප්‍රදේශ වාසීන් විසින් පෙත්සම්ද ඉදිරිපත් කර ඇති නමුත් ප්‍රදේශවාසීන් මළ ගෙදරකට සහභාගීව සිටින අතරතුර පැමිණි පිරිසක් කලහකාරීව හැසිරෙමින් එම පවුලට ඉවත් වීමට දන්වා ඇති බව ප්‍රාදේශීය පුවත්සේවයක් වන meepura.com විසින් අප හට ප්‍රකාශ කර සිටියා.

මෙම පවුල හට නිවසක් ලබාදීම්ට උපකාරී වීමට විවිධ පාර්ශවයන් ඉදිරිපත්ව සිටියදී ඊට කාලයක්ද ලබා දීමකින් තොරව ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රදේශ වාසීන් චෝදනා කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here