බොහෝ කැපකිරීම් සිදුකරමින් බලයට ගෙන ආ වත්මන් රජය පිළිබඳව මේ වනවිට මහා සංඝ රත්නය මෙන්ම ජනතාවද යම් කළකිරීමකින් පසුවන බව ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.
උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධී පූජා පිංකමකට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මේ බව කියා සිටියේ.
ජනපතිවරයාට අවංක අවශ්‍යතාවක් තිබෙන බව පෙනෙන නමුත් ජනපතිවරයා වටා සිටින පිරිසකට එම උවමනාව නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.