Home Hit “රටේ බොහෝ දෙනාට විනයක් නෑ; ෆොන්සේකට ඕනෙ කුඩු බොන පරම්පරාවක්!” – සරත්...

“රටේ බොහෝ දෙනාට විනයක් නෑ; ෆොන්සේකට ඕනෙ කුඩු බොන පරම්පරාවක්!” – සරත් වීරසේකර

988
1

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විවේචනාත්මක අදහසක් පළ කරමින් කියා සිටින්නේ අවුරුදු 18-26 අතර පුද්ගලයන්ට පමණක් මෙම පුහුණුව ලබා දුන්නද ඒ වෙනුවෙන් කෝටි 7500ක පමණක් මුදලක් වැයවනු ඇති බවයි. එවැනි මුදලක් වැය කිරීමට මේ අවස්ථාවේදී රජයට හැකිදැයි යන්නත් සරත් ෆොන්සේකා මහතා විමසා සිටියා.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රටේ වත්මන් තරුණ පරපුරට විනය සහ හික්මීම ඉගැන්වීමේ අරමුණින් බව ඊට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

“මේ රටේ බොහෝ දෙනාට විනයක් සහ හික්මීමක් නෑ. රටේ නීතියට ගරු කරන්න දන්නෙ නෑ. අපි මේක පාසලින් ඉවත්වන තරුණ තරුණියන්ට ඉගැන්විය යුතුයි කියන එක තමයි මං හිතන්නේ. ෆොන්සේකට ඕනේ බෝක්කු උඩ කුඩු බොන තරුණ පරම්පරාවක්.” යැයි ඒ මහතා පවසයි.

1 COMMENT

  1. මෙයා හිතන්නේ හමුදා පුහුණුව ලබාපු උන් කුඩු ,ගංජා උරන්නේ නෑ කියලද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here