Home Hit “ලේ මිලක් අවශ්‍ය නම් ලේ මිලක් දෙන්න අපි ලෑස්තියි” – මැදගොඩ අභයතිස්ස...

“ලේ මිලක් අවශ්‍ය නම් ලේ මිලක් දෙන්න අපි ලෑස්තියි” – මැදගොඩ අභයතිස්ස හිමි

1480
0

මේ වන විට තමන් වහන්සේලා සිටින්නේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද යන්න පිළිබඳව සිතාගත නොහැකි බව පූජ්‍ය මහාචාර්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධී පූජා පිංකමකට ඊයේ (20) පස්වරුවේ එක්වෙමිනුයි පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මේ බව කියා සිටියේ.

“අපි ආණ්ඩු බලයට පත් කරන්නේ රට වෙනුවෙන් මිසක් දේශපාලකයන් වෙනුවෙන් නෙවෙයි. අපි බලයට පත් කරපු පාලකයන් ඔවුන්ගේ කාර්‍යභාරය හරියට ඉටු කරයි කියලා අපි ටිකක් ඉසඹුලන්න හදනකොටම අපිට පේනවා ඒ පාලකයන් ඒ පාලකයන් වටලන්නේ අපේ රටේ දේශීය ජාතික වැදගත්කම් වටිනාකම් සූරාකන්ඩ, සිංහල බෞද්ධයාගේ උරුමය පැහැරගන්න එන පුද්ගලයන් කියලා.” යැයි උන්වහන්සේ පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ තත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ ‘ඒ වෙනුවෙන් මොනයම්ම හෝ මිලක්, ඒකට ලේ මිලක් නම් ඒ ලේ මිල දෙන්න අපි ලෑස්තියි’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here