Home Hit අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි යළි රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි යළි රිමාන්ඩ්

145
0

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාව පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)නියම කර තිබෙනවා.

ශානි අබේසේකර ,ඇබිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුනි.

මෙම නඩුවේ 04 වන සැකකරු වන එච්.ඩී නවරත්න ප්‍රෙමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුල දී ප්‍රකාශයක් ලබා ගත් බව පැමිනිල්ල මෙහෙයවමින් කොලබ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර (76309) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් නොවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here