පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් නමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී අත්අඩංගුවට ගත් දස දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කළද ඔවුන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.
ඔහු සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර ඊයේ (20) සිදුවූ හමුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.
දැනට පොලීසිය සහ නීිතිපති දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී තමන් අගරදගුරු හිමිපාණන් දැනුම්වත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.