Home Hit ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු පැමිණීමට අවසර ලබා දුන් ආකාරයටම රන්ජන්ටත් දෙන්න – විපක්ෂය කතානායකගෙන්...

ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු පැමිණීමට අවසර ලබා දුන් ආකාරයටම රන්ජන්ටත් දෙන්න – විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

382
0

වසර 04ක බරපතල සිර දඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස සමගි ජන බලවේගය අද (18) දින කතානායකවරයාගෙන් ඉලීමක් කර ඇත.

ඉල්ලීම සිදුකර තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම අතරතුර බව වාර්තා වනවා.

මෙහිදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙහිදී කතානායකවරයා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ව්‍යවස්ථානුකූලව කිසිදු බාධාවක් නොමැති බව එහිදී කථානායකවරයා වෙත පෙන්වා දුන් බවයි

එසේම ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සිද්ධියේදී ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට ‘ කතානායකවරයා අවසර ලබා දුන් ආකාරයට රන්ජන් රාමනායක මහතාට ද අවසර ලබාදෙන ලෙස මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා තිබේ. එසේම පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුණු දක්වන බවද ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක්ද තබා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here