Home Coronavirus 2020 කොරෝනා ප්‍රතිශක්තීකරණ දෙන බව කියන ඖෂධ 10කට, ප්‍රතිශක්තිකරණ පානයන් ලෙස සූත්‍ර කමිටුවේ...

කොරෝනා ප්‍රතිශක්තීකරණ දෙන බව කියන ඖෂධ 10කට, ප්‍රතිශක්තිකරණ පානයන් ලෙස සූත්‍ර කමිටුවේ අනුමැතිය

159
0

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදෙන බව කියන නව ඖෂධ 10කට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කළේ, මෙම ඖෂධවලට අනුමැතිව හිමි වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පානයන් ලෙස බවයි.

කෙසේ වෙතත් ඉන් කොරෝනා වෛරසයට සුවිශේෂී ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවන්නේ දැයි මෙතෙක් සනාථ කරගෙන නොමැති ඔහු ප්‍රකාශ කළේ ය.

එවැනි නව ඖෂධ 30 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සුත්‍ර කමිටුවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් ධම්මික පැණිය නමැති ආයුර්වේද ඖෂධය සූත්‍ර කමිටුවේ අනුමැතියෙන් පසු මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා යොමු කර ඇති බවයි.

අනුරාධපුරයේ පිහිටි රෝහලකදී එම අත්හදා බැලීම් සිදුකෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here