Home Hit ට්‍රම්ප්ට සිය ස්නැප්චැට් සමාජ ජාල ගිණුමත් අහිමි වේ

ට්‍රම්ප්ට සිය ස්නැප්චැට් සමාජ ජාල ගිණුමත් අහිමි වේ

139
0

ස්නැප්චැට් සමාජ ජාලය විසින් පල කළ ප්‍රකාශයකට අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම ස්ථිරවම තහනමකට ලක්ව ඇති බව වාර්තා කරයි.

“පසුගිය සතියේ අපි ජනාධිපති ට්‍රම්ප්ගේ ස්නැප්චැට් ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවන බව නිවේදනය කළා. අපගේ ස්නැප්චැට් ප්‍රජාවගේ යහපත උදෙසා දිගු කාලීන ක්‍රියාමාර්ග මොනවාදැයි අප තක්සේරු කරනවා” යැයි ස්නැප්චැට්හි ප්‍රකාශකයෙක් පවසා ඇත.

“මහජන ආරක්ෂාව සඳහා වන උනන්දුව සහ අපගේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වන වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශයන් සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම වැනි ක්‍රියා සඳහා ඔහු දැරූ උත්සාහයන් මත පදනම්ව, ඔහුගේ ගිණුම ස්ථිරවම තහනම් කිරීමට අවසානයේදී අප තීරණය කර තිබෙනවා” යනුවෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසන ලදි.

මීට පෙර ෆේස්බුක් විසින් ට්‍රම්ප්ගේ ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, ට්විටර් විසින් ට්‍රම්ප්ගේ ගිණුම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ට්‍රම්ප්ගේ නාලිකාව අවම වශයෙන් සතියක්වත් අත්හිටුවන බව අඟහරුවාදා යූටියුබ් නිවේදනය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here