වයස අවුරුදු 16 ට අඩු ටික්ටොක් පරිශීලකයින්ගේ ගිණුම්, පුද්ගලික ගිණුම් බවට ස්වයංක්රීයව පත්වනු ඇති බව BBCය වාර්තා කරයි.
ළමයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් පියවර මාලාවේ එක් පියවරක් ලෙස මෙය සැලකේ.
අනුමත ටික්ටොක් පරිශීලකයන්ට මෙම ගිණුම් වල වීඩියෝවන් සඳහා comment කළ හැකිය.
නමුත්, වයස අවුරුදු 16 ට අඩු අය විසින් නිර්මාණය කරන ලද වීඩියෝ බාගත (Download) කිරීමට නොහැකි වනු ඇත.
ආරක්ෂාවක් සහිතව ටික් ටොක් සමාජ ජාලය භාවිතා කිරීමට හැකිවීම හරහා දරු දැරියන් ටික් ටොක් භාවිතා කිරීමට දිරි ගැන්වෙනු ඇති බව එම සමාගම පවසයි.
වයස අවුරුදු 13 ත් 15 ත් අතර අයට සිය වීඩියෝවන් සඳහා comment කළහැක්කේ කාටද යන්න තෝරාගත හැකි බවත් වීඩියෝවන් ප්රසිද්ධ (public) කළ යුතුද යන්න තෝරා ගත හැකි බවත් එම ආයතනය නියෝජනය කරමින් ඉලේන් ෆොක්ස් පවසයි.
එමෙන්ම, එම අඩු වයස් වල දරුවන්ගේ ගිණුම් අනෙක් අයට “යෝජනා” (Suggestions) ලෙස ඉදිරිපත් නොකෙරෙන බවද ඇය පවසයි.