අධිකරණය විසින් දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමේ තීන්දුව ලබා දිය යුතු බවත් දුමින්ද සිල්වා මහතාට අසාධාරණයක් වී ඇති බව තමාට දැනෙන බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන ප්‍රකාශය හිරු නාලිකාව ඔස්සේ විකාශය විය.
“එතුමා වෙඩි තිබ්බා කියලා මොනම වෙලාවකදිවත් නෑ. පළවෙනි අණ කිරීම ආවෙ කොහෙන්ද කියන කාරණාව අපි දන්නවා. පහුගිය කාලෙ සියලුම නඩු ඇහුවේ සහ නඩු දැම්මේ දේශපාලන අවශ්‍යතා අනුව. පහුගිය කාලෙ ආණ්ඩුවේ අවශ්‍යතාවයට තමයි අධිකරණය ක්‍රියාත්මක උනේ.
දැන් අවුරුදු ක් පිල්ලෙයාන් වරදක් නැතුව හිරේ දදා හිටියා. ඒ වගේම තමයි දුමින්ද සිල්වා. දුමින්ද සිල්වාටත් ඒ වගේම තමයි රන්ජන් රාමනායක ඇතුළු යහපාලන රජය කටයුතු කළේ. මම ඒ නිසා හිතනවා එතුමාට වෙලා තියෙනවා නම් යම් අසාධාරණයක් අනිවාර්යයෙන් ඒක නිවැරදි වෙන්න ඕන” යැයි ඇය පවසයි.
මාධ්‍ය අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මහත්වරුන්ද ප්‍රකාශ කර සිටියේ දුමින්ද සිල්වා හට අසාධාරණයක් සිදුව ඇති බවයි.