“අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් පසු එහි ප්‍රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවටගෙන තිබේ.
අනුරාධපුර “අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” දැරියන්ට මුහුණදීමට සිදුවූ ලිංගික අඩත්තේට්ම් සහ විෂමාචාරයන් පිළිබඳව පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය මඟින් රට හමුවේ අනාවරණය කළේය.
“අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” ළමුන් 52කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අදාළ ප්‍රකාශ අනුව ඇතැම් ළමුන් විවිධ පීඩාවන්ට ලක්කර තිබූ බවට අනාවරණය වී ඇති බවද සඳහන් කළේය.