Home Coronavirus 2020 දින 29ක් මෝචරියේ තිබුණ මළසිරුරෙත් කොරෝනා වෛරසය සක්‍රීයයි

දින 29ක් මෝචරියේ තිබුණ මළසිරුරෙත් කොරෝනා වෛරසය සක්‍රීයයි

485
0

අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත.

පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල් යොමුකර තිබේ.එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය ඇති බවයි.

73 හැවිරිදි අයෙකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. කොවිඩ් වැලඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මළසිරුර රැගෙන යාමට රෝහලට නොපැමිණ ඇත. එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබී ඇත.

එහිදී තෙවැනි වතාවටත් මළ සිරුරෙන් ගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ. එහිදී මෙම තත්ත්වය තහවුරු වී ඇති බව අරුණ පුවත්පත් වාර්තා කරනවා.

පසුව පසුගිය 9 වැනිදා රෝහල් බලධාරීන් මෙම මෘත දේහය ආදාහනය කිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here