මෙරට කොවිඩ් මර්දනය සඳහා බොහෝවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතිබව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ අදාළ එන්නත ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කිරීමට ආයතන අතර එකඟතාවක් පවතින බවය.
දැනට නිෂ්පාදනය කරඇති කොවිඩ් -19 එන්නත් මගින් නව වෛරස් ප්‍රභේදය ද මර්දනය කිරිමේ හැකියාව පවතින බවට තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන ලදි.
“තිබුණු කොවිඩ් -19 වෛරසයට වඩා නව ප්‍රභේදය 70%ක වගේ වේගයකින් ව්‍යාප්තවීමේ හැකියාව තියෙනවා. ඉන් රෝගය උත්සන්නවීමට හෝ මියයෑමට තිබුණු අවදානම වෙනසක් නෑ. මේ දක්වා නිෂ්පාදනය කෙරුණු කොවිඩ් එන්නත්වලට මේ වෛරසයත් ගොදුරු වෙන බව හඳුනාගෙන තියෙනවා. එය සුබදායක කාරණයක්.” යැයි එම මහතා වැඩිදුරටත් පහදා දෙයි.