Home Hit අගමැති – විපක්ෂ නායක තෛපොංගල් සුභ පැතුම් පණිවිඩ

අගමැති – විපක්ෂ නායක තෛපොංගල් සුභ පැතුම් පණිවිඩ

46
0

ස්වභාව ධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම, කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලූ ආගම්වල මානුෂීය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකට වෙනස් වුවද අප සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව ඔහු නිකුත් සුභ පැතුම් පණිවිඩයේ සඳහන්.

අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලූ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටින බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලා.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිදියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත් වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බවයි අගමැතිවරයා සිහිපත් කරන්නේ.

අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

වර්තමානයේ සොබාදහමට එරෙහිව යාමේ අනිටු පලවිපාක සමස්ත ලෝකයම භුක්ති විඳිමින් සිටින බවද ලෝක ව්‍යසන රැසකට දොරගුලූ විවරකොට ඇත්තේ මිනිසා විසින්ම බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක ,සොබාදහම හා බැදුනු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

ලෝකයට අවශ්‍ය වන්නේ සංහිඳියාව බවද ඒ උදෙසා මානව සංහතියට පැවරී ඇති වගකීම අති මහත් බවද තෛපොංගල් උත්සවය ද ඒ උදෙසා පාලමක් බවට පත් කරගන්නේනම් ලෝකය වඩාත් සුන්දර වනු ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් සුභ පැතුම් පණිවිඩයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here