Home Hit ඊයේ සාකච්ඡාවෙන් ප්‍රථිඵලයක් නෑ – වරායේ අයිතිය 100 %ක් ගන්නා තුරු...

ඊයේ සාකච්ඡාවෙන් ප්‍රථිඵලයක් නෑ – වරායේ අයිතිය 100 %ක් ගන්නා තුරු සටන අත් හරින්න එපා – JVP

154
0

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුකරගන්නා තෙක් නැගෙනහිර පර්යන්තය සුරකීමේ අරගලය අවසන් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය සහ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වරාය වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබදව අදහස් දැක්වීම සදහා අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතායි මේ බව කියා සිටියේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ඊයේ (13) පැවති සාකච්ඡාවෙන් කිසිදු ප්‍රථිඵලයක් නොවූ බවද ලාල්කාන්ත මහතා මෙහිදී කියා සිටියා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ආරම්භ කරඇති අරගලය ජයගන්නාතෙක් ස්ථාවරය වෙනස් නොකරන ලෙස කේ.ඩී ලාල්කාන්ත මහතා වරාය වෘත්තීය සමිතිවවින් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here