Home Hit කංසා යෙදූ රිටිගල පැණිය තමා පානය නොකළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි කියයි

කංසා යෙදූ රිටිගල පැණිය තමා පානය නොකළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි කියයි

239
0

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානයක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් රිටිගල දේවින්ද ගුරුන්නාන්න්සේ නැමති පුද්ගලයා පවසා සිටියේ තමන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට කොවිඩ්-19 සඳහා දේශීය ඖෂධයක් ලබා දුන් බවත් එහි වාර්තාව අද දිනයේ ලැබෙතැයි ඔහු බලා පොරොත්තු වන බවත් ය.

එමෙන්ම, වාසුදේව නානයක්කාර සහ රවුෆ් හකීම් යන මහත්වරුන් හටත් එම ඖෂධය ලබා දීමට කටයුතු යොදා ඇති බවත් රිටිගල දේවින්ද ලක්ෂිත රණසිංහ නැමැත්තා පවසනවා.

වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවක් අනුව සදා ඇති මෙම ඖෂධය බිං කොහොඹ, ත්‍රයිලෝක විජයපත්‍ර (ගංජා) සහ තවත් රහස් බෙහෙත් අඩංගු බව දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ මීට පෙර අවස්ථාවකදී පවසා තිබුණා.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ටිගල දේවින්ද ගුරුන්නාන්න්සේ නැමැත්තාගේ එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත් තමා හෝ පවුලේ කිසිඳු අයෙක් එම ඖෂධය පානය නොකළ බවත් ය.

සබැඳි ලිපි..

දයාසිරි දින දෙකෙන් සුවකිරීමේ අභියෝගය රිටිගල වෙද මහතා භාරගනියි (VIDEO) | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here