Home Hit ‘සිංහ වෙස් ගත් හිවල් දේශපාලකයින්ගේ කතාවලට බුද්ධිමත් සිංහල ජනතාව කුපිත කල නොහැකියි’

‘සිංහ වෙස් ගත් හිවල් දේශපාලකයින්ගේ කතාවලට බුද්ධිමත් සිංහල ජනතාව කුපිත කල නොහැකියි’

316
0

කොවිඩ් 19 වයිරසයෙන් මියයන දේහයන් භූමදානය කරන්නේ ද, අදාහනයද කරන්නේ ද මාතෘකාවෙන් දේශපාලකයින් ඉවත් වී ඒ ගැන තීන්දුවක් ගැනීමේ අවස්ථාව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් වෙත ලබා දිය යුතු බවත්, ඒ ලැබෙන තීන්දුව රට වැසියන් ලෙස අප පිළිගතයුතු අතර, අසාද් සාලි ලා වැනි සිංහ වෙස් ගත් හිවල් දේශපාලනයක නිරත වන දේශපාලකයින්ගේ නොහොබිනා කතාවලට බුද්ධිමත් සිංහල ජනතාව කුපිත කල නොහැකි බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අසාද් සාලි ලාට වඩා උද්ධච්ජ ප්‍රකාශ කර රටේ ආර්ථිකය මෙන්ම ජන ජිවිතයද විනාශ කරමින් සිටි ප්‍රභාකරන් ඇතුළු LTTE සංවිධානයට සිදු වූ ඉරණම ත්‍රස්තවාදය හා අන්තවාදය ඇති කිරීමට උත්සහ දරණ ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අත් කර දීමට වත්මන් රජය පසු බට නොවන බවයි. ඒ සඳහා එදා මෙන්ම අද ද ශක්තිමත් නායකත්වයක් රට පාලනය කරමින් සිටින බවත්, විපක්‍ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලකයින් ඉතා සංවර හා බුද්ධිමත් ලෙස මෙම කාරණයේදී ක්‍රියා කල යුතු බවද පැවසිය.

පාස්කු ප්‍රහාරය සිදුවන මොහොතේදී එදා වගකිවයුතු විපක්‍ෂයක් ලෙස ක්‍රියාකළ අපි එම අවස්ථාවේදී ආගමික නායකයන් සමඟ එක්වී සමස්ත සියලු ජතීන්ම සන්සුන්ව තබාගෙන කැරළි කෝලහාල ඇති නොවීමට වග බලා ගත් බවත් ජාතින් අතර අසමගිය ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට එම ප්‍රහාරය අවස්ථාවක් කර නොගත් බවත් පැවසිය.

එම නිසා අසාද් සාලි වැනි කපටි දේශපාලකයින්ගේ මෙම ප්‍රකාශ තුලින් ප්‍රබුද්ධ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර වෛරය පැතිරවිය නොහැකි හෙයින් එදා යහපාලන රජය යටතේ තමන්ට හිමිව තිබු වරදාන වරප්‍රසාද අද නොලැබෙන නිසා ජනතාව අතර අසමගිය ඇති කරමින් යලි බලයට ඒමට තැත් කරන්නේ රටටත් ජනතාවටත් තිබෙන ආදරයකට නොවන අතර තම තමන්ගේ පැවැත්ම සඳහාම පමණක් බවත් පැවසිය.

මෙවැනි නිර්ලැජ්ජිත ප්‍රකාශ කරන දේශපලයින් ගැන රජය වැඩි අවධානයෙන් සිටිය යුතු බවත්, පාස්කු ප්‍රහාරය මෙන් නියපොත්තෙන් කපන්නට තිබෙන දේ පොරොවෙන් කපන්නට සිදු වනතෙක් බලා නොසිට නිතිය ක්‍රියාත්මක කරන ආයතන එක් වී රටේ නීතියට අනුව එවැනි ප්‍රකාශ කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here