Home Hit කොළඹ විශාකා විදුහල්පතිනියට එරෙහිව පරීක්ෂණයක් – ගුරුවරයාට වෙනත් පාසලක්

කොළඹ විශාකා විදුහල්පතිනියට එරෙහිව පරීක්ෂණයක් – ගුරුවරයාට වෙනත් පාසලක්

689
0

කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි සන්ධ්‍යා කුමාරි අවිරුප්පල විසින් ප්‍රතික්ෂේප කරන ලද උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (13 වැනිදා) ප්‍රකාශ කළ බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර සිටිනවා.

කෙසේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විශාඛා විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි ලේකම්වරයා පවසන්නේ.

විශාඛා විදුහලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන්ගේ අතිරික්තයක් පවතින බව විදුහල්පතිනිය දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා පවසා සිටියි.

සබැඳි පුවත්..

“විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි” ගුරු සංගමයෙන් චෝදනා | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ දස වසරකට අධික කාලයක් සේවය කර ඇති මෙම ගුරුවරයා කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරු කිරීමට ගුරුමාරු මණ්ඩලය ගත් තීරණය අනුමත කළ නොහැකියි යැයි ද කී ලේකම්වරයා කෙසේ නමුත් අතිරේක ලේකම්වරියක පාසලට යවා එහි තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගත් බවත් සඳහන් කරන ලදි.

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන් අතිරික්ත බව විදුහල්පතිනිය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට ස්ථාන මාරු ලද ගුරුවරයා පාසලට ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ සිසුවියන්ට උසස් පෙළ සිංහල භාෂාව ඉගැන්වීම සඳහා පිරිමි ගුරුවරයකු සුදුසු නොවන බව සඳහන් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here