Home Hit 2020 වසර තුළ පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 15,923ක්

2020 වසර තුළ පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 15,923ක්

74
0

2020 වසර තුළ වැටලීම් 15,923 ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අතරින් 14,906 ක් සඳහා නඩු පවරා අවසන් කර ඇති බවයි අධිකාරිය සඳහන් කළේ.

එහිදී රුපියල් කෝටි 06කට අධික මුදලක් දඩ ලෙස අධිකරණය මගින් නියම කර තිබෙනවා.

එම වැටලීම් අතර සහල් වැටලීම් 3,880ක්, සීනි සම්බන්ධ වැටලීම් 651ක් සහ පරිප්පු සම්බන්ධ වැටලීම් 471 ක් වනවා.

එමෙන්ම බිස්කට් නිෂ්පාදන, ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන, ඇගලූම් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් සම්බන්ධයෙන් ද වැටලීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here