Home Hit හොඳ සහ නරක ත්‍රස්ථවාදීන් කියා දෙකොටසක් නෑ; ඉන්දීය විදේශ අමාත්‍යවරයා

හොඳ සහ නරක ත්‍රස්ථවාදීන් කියා දෙකොටසක් නෑ; ඉන්දීය විදේශ අමාත්‍යවරයා

136
0

හොඳ ත්‍රස්තවාදීන් සහ නරක ත්‍රස්තවාදීන් යනුවෙන් දෙකොටසක් නොමැති බවට ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊයේ (12) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ඉල්ලා සිටියේ අවිනිශ්චිතතා සහිතව ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට නොඑලඹෙන ලෙසයි.

හොඳ හා නරක ත්‍රස්තවාදීන් සිටින බවට පවසන අයට වෙනත් න්‍යාය පත්‍රයක් ඇති බවත් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ද වැරදිකරුවන් බවත් ඒ මහතා පවසනවා.

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ සිද්ධීන් හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා නීතිමය රාමු, ක්‍රියාකාරී රාමු සහ තාක්‍ෂණික විශේෂඥතාවයන් ඇතැම් රාජ්‍යයන්ට නොමැති බවත් ත‍්‍රස්තවාදයට ආධාර කිරීම සහ සහාය දීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තවත් අය ත්‍රස්තවාදීන්ට මූල්‍ය ආධාර සහ ආරක්ෂිත ස්ථාන සපයන බවටත් එම මහතා චෝදනා කර සිටියා.

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා රාජ්‍යයන්ට සහය විය යුතු අතරම ත්‍රස්තවාදීන්ට සහය දක්වන්නන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ජයිශංකර් මහතා අවධාරණය කරනු ලැනුවා.

“ත්‍රස්තවාදය යුක්ති සහගත කිරීමටත් ත්‍රස්තවාදීන් උත්කර්ෂයට නැංවීමටත් අපි ඉඩ නොදිය යුතුයි. සියලුම සාමාජිකයන් ත‍්‍රස්ත මර්දන ක්‍රියාවලිය සම්බන්ධව සිය වගකීම් ඉටු කළ යුතුයි.” යැයි ඔහු පවසනවා.

ඩ්‍රෝන යානා, අතථ්‍ය මුදල් සහ කේතාත්මක සන්නිවේදනයන් ඇතුළු නැගී එන තාක්ෂණයන් වෙත ප්‍රවේශය ලබා ගනිමින් ත්‍රස්ත කණ්ඩායම් මෑත වසරවලදී ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

තරුණ තරුණියන් රැඩිකලීකරනය මෙන්ම සංවිධාන වලට බඳවා ගැනීම සඳහාද සමාජ මාධ්‍ය ජාලයන් දායක වී ඇති බව ඔහු පෙන්වාදෙයි.

ත‍්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ අතර සම්බන්ධතා සම්පූර්ණයෙන් හඳුනාගෙන දැඩි ලෙස විසඳිය යුතු බව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here