ඉරානය අල්කයිඩා සංවිධානයට සක්‍රීයව සහයෝගය දක්වන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චෝදනා කරයි.
ඉරානයමේ වනවිට අල්කයිඩා ත්‍රස්ත කල්ලියේ “නිවහනක්” ලෙස කටයුතු කරන බවත්, මෙහෙයුම්කරුවන්ට සංචාරක ලියකියවිලි සහ සැපයුම් සහය ලබා දෙන බවත් ඊයේ කියා සිටිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පොම්පියෝගේ චෝදනා එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන්, වෙනත් විදේශ රජයන් සහ ත්‍රස්තවාදී විශේෂඥයින්ගේ ප්රකාශයන්ට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගොස් ඇති අතර ඔවුන් සන්ධාන කර තිබෙනු 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය දියත් කළ සුන්නි අන්තවාදී කණ්ඩායම සහ ඉරාන රජය අතර අතර සංකීර්ණ හා සමහර විට අපැහැදිලි සම්බන්ධතාවයන් තිබූ බවයි.
තම ප්‍රකාශයන් සඳහා එක්සත් ජනපද බුද්ධි වාර්තා පිලිබඳ සඳහන් නොකළ පොම්පියෝ, ඉරානය සහ අල්කයිඩා අතර සම්බන්ධතාවය 2015 දී වෙනස් වූයේ ටෙහෙරානයේ පාලන තන්ත්රය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් ලෝක බලවතුන් සමඟ ගිවිසුමක් ඇති කර ගත් පසුව බව සඳහන් කළේය