පාකිස්ථානයේ ශ්‍රී පරම් හන්ස්ජි මහරාජ් සමාධි හින්දු දේවාලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉඩකඩ ලබාදෙන ලෙස ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වයඹ දිග කරක් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර ඇති නමුත් ඊට එල්ලවූ ප්‍රහාරයෙන් රටේ හින්දු භක්තිකයන් ලක්ව ඇති අවදානමත් රටේ ආගමික සුළුතරයන් ආරක්ෂා කිරීමට එරට රජය අපොහොසත් වීමත් පිළිබිඹු වන බවට චෝදනා එල්ල වෙමින් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
පාකිස්තානය ඉඅහළ මුස්ලිම් ජනගහණයක් සිටින, හින්දු ප්‍රජාව ජනගහනයෙන් 2% කටත් වඩා අඩු රටක් වන අතර හින්දු භක්තිකයන්ට එරෙහි අගතියන් මුල් බැස ඇති බව පැවසේ.
1997 දී එල්ල වූ පළමු ප්‍රහාරයෙන් පසුව 2015 දී එම හින්දු කෝවිල නැවත ගොඩනැඟීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතර මෑතකදී සිදු වූ සිදුවීම වන විට ශ්‍රී පරම් හන්ස්ජි මහරාජ් සමාධි උත්සවයට සහභාගී වන හින්දු භක්තිකයන් ද එම ස්ථානය නැවත ගොඩනැඟීමේ කටයුතු වල යෙදී සිටියහ.
එහෙත් මෙම ක්‍රියාවලියේදී ප්‍රජාව හින්දු බැතිමතුන්ට විවේක ස්ථානයක් ලබා දීම සඳහා යාබද නිවසක් මිල දී ගෙන අලුත්වැඩියා කිරීමට පටන් ගත් අතර එය එම දේවස්ථානය පුළුල් කිරීමක් යැයි පවසමින් එම ප්‍රදේශයේ මුස්ලිම්වරුන් අතර කෝපයක් ඇති විය.
දෙසැම්බරයේදී රැළියක් පැවැත්වූ අතර එය ඉක්මනින් විනාශකාරී මැර පිරිසක් බවට පත්වනු ලැබීය.
මෙම රැලිය දෙසැම්බර් 30 වන දින එම දේවස්ථානය අසලදී කැඳවනු ලැබූ අතර, ප්‍රාදේශීය මුස්ලිම් පූජකයෙකු වන මවුල්වි මොහොමඩ් ෂරීෆ් විසින් මීට නායකත්වය දෙන ලදි. ඔහු ආගමික නිකායක් වන ජමියාට් උලේමා ඉස්ලාම් සමඟ අනුබද්ධව සිටින අතර 1997 දී ද දේවස්ථානයට පහරදීමට නායකත්වය දුන් පූජකවරයා ඔහුම වේ.
සාක්ෂිකරුවන්ට අනුව, පූජකවරයා රැස්ව සිටි පිරිස උසි ගැන්වූ අතර, පෙළපාළි ගිය අයව පොළඹවා, දේවස්ථානයේ බිත්ති විනාශ කල අතර දේවස්ථානයට ගිනි තැබූහ.
ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින් දේවස්ථානයේ වටිනා භාණ්ඩ විනාශ වූ බවද හින්දු සාන්තුවරයෙකුගේ සොහොනෙහි කැටයම් කළ සුදු කිරිගරුඬ වලට, බුරුම තේක්ක වලින් සාදන ලද විසිතුරු ලී දොරවල් සහ ජනෙල් වලටද හානි කර ඇති බව සොයා ගන්නා ලදී.
“මෙහි සමස්ත පින්තූරය … අතිශය විනාශකාරී ය,” යැයි එම වාර්තාවෙන් පැවසේ.
A hindu temple was demolished by religious extremists in karak today. It is very shameful moment for us because it reflects the way of how we treat minorities in our country.
— Ihtesham Afghan (@IhteshamAfghan) December 30, 2020
You can't run a federation unless and until the rights of minorities are protected. Strongly condemnable. pic.twitter.com/PJOKZA3a1l