සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් 2දශක ගණනාවක් තිස්සේ දැක නැති සත්ව හා ශාක විශේෂ 36 ක් ඇති බව සනාථ කර තිබේ.
සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (අයි.යූ.සී.එන්) දශක ගණනාවක් තිස්සේ දැක නැති සත්ව හා ශාක විශේෂ 36 ක් ඇති බව සනාථ කර තිබේ.
ඒඑෆ්පී විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ එවැනි ශාක වලින් එකක් 1933 දී දකුණු අප්‍රිකාවේ අවසන් වරට දුටු ලියුකැඩෙන්රොන් බවයි. පර්සූනියා ලැක්සා එලෙස වඳ වී ගිය තවත් ශාකයක් වේ.
පිපිස්ට්රෙලස් ස්ටර්ඩෙයි එලෙස වඳ වී ගොස් ඇති ක්ෂීරපායීයෙක් වන අතර මෙම වවුලා අවසන් වරට 1889 දී ජපානයේදී දැකගත හැකි විය.
ලැනාවෝ විලට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ 17 ම දැන් වඳ වී ගොස් හෝ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව (වඳවී ගොස් සිටිය බවට සැලකිය හැකිව) ඇත.
මෙලෙස වඳ වී යාම සිදු වූයේ අධික ලෙස මසුන් මැරීම, විනාශකාරී ක්‍රම මගින් මසුන් ඇල්ලීම හා ආක්‍රමණශීලී විශේෂ හේතුවෙන් වේ.
“නැතිවූ මෝරා” නමින් හඳුන්වන විශේෂය පිළිබඳව පසුගිය වසරේදී විධිමත් ලෙස විස්තර කරන ලද අතර ඔවුන් රතු ලැයිස්තුවට ඇතුල් වන්නේ බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (වඳවී ගොස් සිටිය බවට සැලකිය හැකි) ලෙසයි.
මෙම විශේෂය අවසන් වරට වාර්තා වූයේ 1934 දීය. දකුණු චීන මුහුදේ ඔවුන්ගේ වාසභූමිය ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ පුළුල් ලෙස ප්‍රමාණය ඉක්මවා මසුන් මැරීමට ලක්වූ සමුද්‍ර කලාපයක් ලෙස සැලකේ.
“මෙම තත්ත්වය යටතේ මෙම විශේෂය පැවතිය හැකි යැයි සිතිය නොහැකි බැවින්, නැතිවූ මෝරා දැනටමත් වඳ වී ගොස් ඇත.” යැයි එම සංවිධානය පවසයි
මධ්‍යම ඇමරිකානු ගෙම්බන් විශේෂ තුනක්ද අලුතින් ‘වඳ වී ගොස්’ ඇතැයි ප්‍රකාශයට පත් කර ඇත.
