පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ හමුවේ අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අය අතර, කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්රහාර එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ ද සිටින බවයි වාර්තා වන්නේ.