ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ බිරිඳ අනුෂ්කා ශර්මා ඊයේ දියණියක් බිහි කළා.
ඉන්දියාවේ මුම්බායි නුවර බ්රීච් කැන්ඩි රෝහලේදී ඊයේ පස්වරුවේ මෙම දරු උපත සිදුවී ඇති අතර අනුෂ්කා සහ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරු සඳහන් කළේ.
කුළුඳුල් දරු උපත වෙනුවෙන් ඔවුන් දෙදෙනාට මේ වනවිට සිනමා ලෝකයෙන් මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගෙන් සුබ පැතුම් ගලා එමින් පවතිනවා.
පී.කේ., සුල්තාන්, දිල් දඩක්නේ දෝ වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් අනුෂ්කා ශර්මා සහ විරාට් කෝලි හමුව සිදුවන්නේ ෂැම්පු වෙළඳ දැන්වීමක් පටිගත කිරීමකදීයි.
වසර ගණනාවක සබඳතාවයෙන් පසු ඔවුන් 2017 වසරේ ඉතාලියේදී යුග දිවියට එළැඹුණා.
ලොව අංක එකේ එක්දින ක්‍රීඩකයා මෙන්ම ටෙස්ට් පිතිකරු දර්ශකයේ දෙවන තැන හිමිකරගෙන සිටින විරාට් කෝලි ලොව වැඩිම ආදායම්ලාභී ක්‍රීඩකයින් අතරටද එක්ව සිටිනවා.
සිය කුළුඳුල් දරු උපත වෙනුවෙන් විශේෂ සටහනක් විරාට් කෝලි සිය ට්විටර් ගිණුමට එක්කර තිබුණා.