පෞද්ගලික ආපන ශාලා පරිශ්‍රයක් අසල සිදු වූ නොසන්සුන්කාරී සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඉතා සීඝ්රයෙන් හුවමාරු වෙමින් පවතී.
Tik-Tok වීඩියෝ සඳහා ප්‍රසිද්ධ තරුණ යුවළක් මුහුණු ආවරණ පැළඳීමෙන් තොරව ආපන ශාලාවට ඇතුළු වූ වීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව සිද්ධියට සම්බන්ධ වීඩියෝව නැරඹීමේදී පෙනී යයි.
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ව්‍යප්ත වෙමින් ඇති COVID-19 තත්වය හේතුවෙන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති පසුබිමක සිද්ධිය වූ අවස්ථාවේ වෙළඳසැලේ සිටි තවත් කාන්තා ගනුදෙනුකරුවකු තරුණ යුවළට මුහුණු ආවරණය පැළඳීමට උපදෙස් දී ඇත.
එහිදී එම යුවළ ඡායාරූප ගත කිරීමට උත්සාහ කළා යැයි පවසමින් Tik-tok යුවළ එම කාන්තාවට වාචිකව බැනවැදී තිබේ.
පසුව එම කාන්තාවගේ දුරකථනය මෙම යුවළ විසින් ලබාගෙන ඇති අතර එහිදී තත්වය ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
එම අවස්තවෙදී පොලිස් නිලධාරියකුද එහි රැඳී සිට ඇති අතර කිසිවකු අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී නොමැත.