Home Entertainment රටම දන්න කතාකාරයා – කවුද මේ සංජු..?

රටම දන්න කතාකාරයා – කවුද මේ සංජු..?

619
0

මෑත කාලීනව සමාජ මාධ්‍ය හරහා ජනාදරයට පත් වූ පුද්ගලයෙක් ලෙස “සංජු සමරසිංහ” හඳුන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ දේශපාලන , සාමාජීය, ආර්ථිකමය, සංස්කෘතිකමය විෂයන් පිළිබඳ කාලීන ජනතා අදහස අභීතව , නොපැකිලිව පවසන පුද්ගලයෙක් ලෙස “සංජු” තරුණ පරපුර අතර බොහෝ ජනප්‍රිය බව නොරහසකි. නමුත් ඔහු යම් “දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙසේ අදහස් පලකරයි ද ? , එසේත් නැතිනම් ඔහුගේ රැකියාව හෝ ව්‍යාපාරය කුමක්ද ? ” යන්න තවත් පිරිසකගේ අවධානයට යොමුව තිබෙනවා.

මේ පිළිබඳ සොයා බැලීමේදී ඔහු විදෙස් ගත වී මාලු සම්භාහනය පිළිබඳ අධ්‍යනය කර ලංකාවට පැමිණි අයෙක් බවත්, පසුව ඔහු ලංකාවේ “මාලු සම්භාහන ආයතනයක්” ව්‍යාපාරය ලෙස පවත්වාගෙන යන අයෙක් බවත් තොරතුරු අනාවරණය වූවා. ලංකාවේ කුමන ස්ථානයකට ගියත් සෙරෙප්පු , සපත්තු භාවිතා නොකරන පුද්ගලයෙක් ලෙස සංජු ඔහුගේ හිතවතුන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත.

ලංකාවේ කුමන සංසිද්ධියකදී වුවද සංජුගේ අදහස දැනගැනීමට බොහෝ පිරිසක් බලා සිටින්නේ ඔහුගේ වාග් ප්‍රහාර ඉතා ජවසම්පන්න වීම නිසා ය.

කිසිදු දේශපාලන පසුබිමක් නොමැති සංජු සමරසිංහගේ ව්‍යාපාරය පිළිබඳව සිදුකල වැඩහටහනක් පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here