Home Business රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීමට පියවර ගත්තා – මහ බැංකුව

රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීමට පියවර ගත්තා – මහ බැංකුව

543
0

මෑතකදී විනිමය අනුපාතිකයේ සිදුවූ උච්චාවචනය අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර, දේශීය විදේශ වෙළඳපොලේ මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි මහ බැංකුව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම ක්‍රියාමාර්ග සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම් අඛන්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු ප්‍රමාණයකට අතිප්‍රමාණය වනු ඇති බවට මහ බැංකුවේ අදහස වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට නිල සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් බවයි.

සංචිත මට්ටම ඉහළ නැංවීමට මහබැංකුව දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද අවසන් අදියරට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here