Home Hit බිමල් BMW රථයක් තෑගි කිරීමේ සූදානමක

බිමල් BMW රථයක් තෑගි කිරීමේ සූදානමක

471
0

ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් ජයකොඩි මහතා සිවු වන වරටත්
BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් ගෙන්වා ඇතැයි වෙබ් අඩවියක් වාර්ථා කර තිබුණා.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවන බවයි.

මෝටර් රථය ගෙන්වීම සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට හිමි වූ බලපත නොවන බවයි එම වෙබ් අඩවිය වාර්තාකර ඇත්තේ.

කෙසේ නමුත් https://lankamag.com/bimal-rathnayake-new-car/ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පුවත සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් ජයකොඩි මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ තමන් එලෙස මෝටර් රථයක් මිලදි ගත් බව සාක්ෂි සහිතව ඔප්පු කල හැකිනම් එම රථය තෑගි කිරීමට තමන් සූදානම් බවයි.

සිය මුහුණු පොතේ https://www.facebook.com/bimaljvpsrilanka/ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here