Home Local උදරයේ සැත්කමට පැමිණි මවගේ අතක් කපා දමයි

උදරයේ සැත්කමට පැමිණි මවගේ අතක් කපා දමයි

343
0

උදරයේ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මුලික රෝහලෙන් වාර්තා වනවා.

මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ මාදම්පේ පදිංචි මවක් වන පැට්‍රිෂියා ලීලාවතී (78) නම් තැනැත්තියයි.

මේ මව ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම කිරීම සඳහා මාරවිල රෝහලට දෙපයින් ඇවිදගෙන පැමිණ ඇත්තේ පසුගිය මස 20 වන දිනයි.

ඉන් දින 02කට පසු මේ සැත්කම කර ඇති අතර අත ඉවත් කර ඇත්තේ 22වන දිනයි.

එදින සිට මේ දක්වා මේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මේ සිදුවීමට අමතරව පෙරේදා (04) තවත් සිදුවීමක් වාර්තා වනවා.

එනම් පපුවේ වේදනාවකින් පැමිණි මවක් උදරය පලා සැත්කමට භාජනය කිරීමට උත්සාහ කිරීමකි.

මෙහි දී මේ කාන්තාවගේ සහෝදරයා පැමිණ ඒ අවස්ථාවේ සැත්කම් කිරීමට උත්සහා කළ වෛද්‍යවරයාගෙන් උදරයේ සැත්කමක් කරන්නේ කුමක් නිසාදැයි විමසීම හේතුවෙන් මේ සැත්කම නැවතී ඇතැයි වාර්තා වනවා.

මෙහි දී අදාළ ආධුනික වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් හේතුව නොදන්නා අතර මේ සැත්කම කිරීමට උපදෙස් ලබා දුන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා බවයි.

මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ පී.ආර්.ශාන්ති නමැති දෙදරු මවකි.

මැයගේ සහෝදරයා වෛද්‍යවරයකු වීම හේතුවෙන් සැත්කම කිරීම සඳහා අනුමැතිය ලබා නොදීම මත මේ මවගේ ජීවිතය බේරී ඇති අතර මේ සිදුවීම් 02 පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මේ රෝගීන්ගේ ඥාතීන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here