Home Hit ”මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නෑ, එය මට සතුටක්” – ජනපති

”මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නෑ, එය මට සතුටක්” – ජනපති

195
0

මරණ දඬුවම අහෝසි කරන්නැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව නීත්‍යානුකූල නොවන බවට නීතිපතිවරයා තමා වෙත වාර්තාවක් එවා ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සඳහන් කර සිටියා.

එය තමන්ගේ හිතට සතුටක් බව ද ඊයේ (05) දිවුලපිටිය මහජන ක‍්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී ජනපතිවරයා කියා සිටියේ.

‘‘මත්කුඩු ව්‍යසනය දුරු කරන්න මම මරණ දඬුවම ගේන්න කටයුතු කළා. එයට රජයේ පිරිස් පවා විරුද්ධව කටයුතු කරනවා. මරණ දඬුවම අහෝසි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්නත් කටයුතු කරලා. මේ නිසා ස්ත‍්‍රී දූෂකයෝ, මිනීමරුවෝ සතුටට පත් වුණා.

මරණ දඬුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව නීත්‍යානුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා තියෙනවා. එය මගේ සිතට සතුටක්’’ යැයිද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here