Home Hit එජාප අපේක්ෂකත්වය අහිමි වුවහොත් සජිත් නව පෙරමුණකින් ජනාධිපති සටනට?

එජාප අපේක්ෂකත්වය අහිමි වුවහොත් සජිත් නව පෙරමුණකින් ජනාධිපති සටනට?

354
0

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය හිමි නොවන්නේ නම් නව පෙරමුණක් යටතේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සාකච්ඡා කෙරෙමින් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඔහුට සහාය දක්වන පිරිසගේ සහභාගීත්වයෙන් යුතුව ඒ සම්බන්ධයෙන් වන සාකච්ජා වට කිහිපයක්ම මේ වන විට පවත්වා ඇතැයි ද සඳහන්.

මෙම නව සන්ධානය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද ඔවුන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ අද (05) අත්සන් කිරීමට යෝජිතව තිබූ ගිවිසුම අත්සන් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

පක්ෂයේ අභ්‍යන්තර මතභේද විසඳා ගත් පසු ඔවුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here