Home Hit පළාත් 03ක ආණ්ඩුකාර ධුරයන් යළි වෙනස් වෙයි

පළාත් 03ක ආණ්ඩුකාර ධුරයන් යළි වෙනස් වෙයි

248
0

පළාත් 03ක් සඳහා අද (05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න හා කීර්ති තෙන්නකෝන් මෙන්ම හේමාල් ගුණසේකර ද ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

නව දිවුරුම් දීම අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට හේමාල් ගුණසේකර පත්කර ඇති බව සඳහන්.

කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටි අතර, ඔහු ඊයේ (04) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ද සිය ධුරයෙන් පෙරේදා (03) ඉල්ලා අස්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here