Home Hit මෙරට තරුණයෙක් කැනඩා පොලිසියේ ඉහල පුටුවකට – Photo

මෙරට තරුණයෙක් කැනඩා පොලිසියේ ඉහල පුටුවකට – Photo

549
0

යාපනයේ උපත ලද දෙමළ ජාතිකයෙකුට කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ පොලිස් ප්‍රධානියා වශයෙන් අගෝස්තු මස 1 දා සිට උසස් විමක් ලැබී තිබෙනවා.

නිෂාන් දොරේඅප්පා නැමති මොහු යාපනය් නගර සභාවේ හිටපු ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මහතාගේ ඥාති පුතෙකි.

දොරේ අප්පා මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ පවුල් වල උදවිය කැනඩාවට යන විට නිෂාන් දොරේඅප්පාගේ වයස අවුරුදු තුනකි.

ඔහු කැනඩාවේදී අධ්‍යාපනය හදාරා පොලිස් සේවයට එක් වී ඇති අතර මේ වන විට නිෂාන් දොරේඅප්පා කැනඩා පොලිස් සේවයේ වසර 26 ක් සේවය කොට ඇති අයෙකි.

ඔහුගේ සේවා කාලයේදී දක්වන ලද විශිෂ්ඨ දස්කම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක් පමණ සේවය කරණ කැනඩාවේ පීල් නගර පොලීසියේ ප්‍රධානියා වශයෙන් ඔහුව පත් කොට තිබේ.

රසාදි චතුරංගි ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here