Home Hit ”මසක් කල් දෙන්නේ නෑ, විදුලි බිල සතියෙන් ගෙවන්න වෙනවා” – ඇමති රවී...

”මසක් කල් දෙන්නේ නෑ, විදුලි බිල සතියෙන් ගෙවන්න වෙනවා” – ඇමති රවී කරුණානායක

373
0

විදුලි බිල ගෙවීමට මාසයක් කල්දී තිබීමේ පහසුකම අහෝසිවී සතියක් ඇතුළත විදුලි බිල ගෙවීම ඇතුළු සංශෝධන කීපයක් සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවි කරුණානායක පෙරේදා (03) මහනුවරදී සඳහන් කර සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලයට 50 වසරක් පිරීම නිමිතිකොට විදුලිය පාරිභෝගියන්ට පහසුකම් රැසක් ඇති කිරීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ.

විදුලිය පාරිභෝගිකයන්ගේ පැත්තට වාසි වන ආකාරයේ අය කිරීම් සිදුකිරීමට සහ විදුලිය ගාස්තු නව ක‍්‍රමයකට පිළියෙළ කිරීමට අදාළ වන විදුලිය මීටර ද මේ වන විට සකස් වෙමින් පවතින බවයි ඇමැතිවරයා සඳහන් කර සිටියේ.

ලබන සැප්තැම්බර් මස වන විට මෙම සංශෝධනයන් ඇතිවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ විදුලි පද්ධතිය නවීකරණය කර දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල වෙත භාරදීමට තමා පැමිණි බවද පසුව මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමට පැමිණි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදකිමින් දිවයිනේ සියලූ ආගමික සිද්ධස්ථානවලට එක්තරා සීමාවකට නොමිලයේ විදුලිය ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියා සිටියා.

බෞද්ධ, හින්දු, ඉස්ලාමිය, කි‍්‍රස්තියානි ආදී වශයෙන් ශී‍්‍ර ලංකාවේ සිද්ධස්ථාන 39800 ක් තිබෙන බවත්, එම සියලූ පූජනීය ස්ථානවලට එක් සීමාවක් දක්වා අය කිරීමකින් තොරව විදුලිය ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඇමැති රවි කරුණානායක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දන්වා සිටියා.

සූර්ය බලය සහ සුළං බලය වැනි පහසුකම් මගින් උපයන විදුලි බලය යොදා ගනිමින් පූජනීය ස්ථානවලට නොමිලයේ විදුලිය ලබාදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ගල් අඟුරු, ජලය, තාප වැනි ක‍්‍රම මගින් දැනට උපදවන විදුලිය සැපයීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක පමණ පාඩුවක් මණ්ඩලය විඳිනා බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූණා.

සිරිල් විමලසුරේන්ද්‍ර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here