Home Politics ”පොහොට්ටුවේ අපේක්ෂකයාට අතේ සහය නැහැ” – නිශාන්ත මුතුහෙට්ටිගම

”පොහොට්ටුවේ අපේක්ෂකයාට අතේ සහය නැහැ” – නිශාන්ත මුතුහෙට්ටිගම

270
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වනදා නම් කරන ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”අපි පොහොට්ටුවේ 11 වෙනිදට නම් කරන අපේක්ෂකයාට වැඩ කරන්නේ නෑ. පොහොට්ටුව තනියෙන් ගිහිල්ලා ගමනක් යන්නේ නෑ. පොහොට්ටුවේ ඉදිමිච්ච, පොහොට්ටුවේ උගතුන්ට න්‍යායාචාර්යවරයට අපි කියනවා ගෙයින් ගෙට ගිහිල්ලා මිනිස්සු හොයනවා වගේම මේ පක්ෂ 02 එකතු කරේ නැත්නම් ඉතාම අමාරුවක වටෙනෝ. මොන උප්පරවැට්ටිය හරි දාලා අපේ අපේක්ෂකයා සැප්තැම්බර් 02 වෙනිදා නම් කරනෝ. අන්න එයා මේ රටේ ඊළඟ ජනාධිපති හැටියට පත්කරන්න අපි කැපවෙනෝ.” යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here